කැස්බෑවා
කැස්බෑවා එක මොහොතක් අහස දුටුව විය සිදුරෙන්
කැස්බෑ/විය සිදුරු හමුව වෙන්නෙ වරක් කල්පයකින්
කිසිත් නොදැකි පුහු කල්පය මුළුමනින්ම අත හරිමින්
මෙනෙහි කරමු කැස්බෑවා දුටුදේ මොහොතක් දෑසින්
කැස්බෑවා ලොව දැක්කද
විශ්වය තේරුම් ගත්තද
සත්ව දිවිය ගැන හිතුවද
උපතත් විපතත් දුටුවද
දුටු දේ ගැඹුරක් පෙනුනද
අඳුරෙන් එලියට ආවද
කල්ප ගණන් පෙරුම් පුරා බුද්ධත්වය ලැබූ වගයි
අන්ධ අඳුර පලවාහැර සියල්ල අවබෝධ කලයි
පැහැදිලි මනසක් ලබන්න ආයුධ දැන් ඔබ සතුවෙයි
අහක දැමූ විය කඳ සයුරට එනතුරු නොසිටි යුතුයි